ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක්

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක්

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවන් මාර්තු පළමුවනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මාලදිවයින් ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

මාලදිවයින් ජනතාවට හදිසි අනතුරු හා රෝගාතුර වීම් හේතුවෙන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවට කඩිනමින් පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම පිළිබද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා.

පළමු අදියර යටතේ කටුනායක සිට මාලදිවයිනට ගිලන් ගුවන් ප්‍රවාහන සේවාව ලබන මාර්තු මස පළමුවනදා සිට ආරම්භ කිරීමටයි මෙහිදී තීරණය කෙරුණේ.

ඊට අවශ්‍ය අනුමැතිය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන්තොටුපොල හා සිවිල් ගුවන් සේවා අධිකාරිය ලබාදීමට ද කටයුතු කළා.

ඉදිරියේදී රත්මලාන හා මාලේ අතර ද මෙවැනි ගුවන් සේවාවක් ආරම්භ කිරීමට ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

COMMENTS