අරගලය ජය ගන්නා මාර්ගය බුදු දහමේ තිබෙනවා – ජනපති

ජීවිත අරගලය ජය ගැනීමට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් ජනාධිපතිවරයාගේ පැමිණීමට එරෙහිව පසුගිය දිනවල විරෝධතාවල නිරත වුණා.
කෙසේ වෙතත් කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පරිබාහිරව, එනම් කැළණිය ප්‍රාදේශීය සභාව ආසන්නයේ පිහිටි අදාළ පශ්චාත් උපාධි ආයතනය වෙත පැමිණි ජනාධිපතිවරයා නව ගොඩනැගිල්ල විවෘත කළා.
එම අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක්ද කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයට සහ ඒ අවට යොදවා තිබුණු බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පිටව ගිය පසු යළිත් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විරෝධතාවක නිරත වූ බව ද වාර්තා වුණා.

