ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි කරන් නෑ

ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පවසන්නේ ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්රතිපාදන නොමැති බවයි.
බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දැමිමට නොහැකි බව ද බස් ගාස්තු ඉහළ දැමීමට නම් එම සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බස් ගාස්තු ඉහළ දැමීමට කිසිවෙක් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවයි.

