ලිට්‍රෝ, ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ

ලිට්‍රෝ, ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ

පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව මෙම මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසීය.

මේ අතර තමන් ද පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පැවසීය.

ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බව එම සමාගම පැවසුවේය.