උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට‍

උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට‍

එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා

ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවයි අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීමේ එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාත්මකයි

එමෙන්ම මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000 ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි

අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බවත් (Smart Interactive Board) මීට සමගාමී ව සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා

COMMENTS