ටෙස්ට් තරඟයේ ජය ලංකාවට

ශ්රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ කඩුළු කිසිවක් නොදැවී ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
දින 04ක් පුරා පැවති ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය දෙවන ඉනිම ලකුණු 296කට සිමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නන් අද (05) සමත් වුණා.
ඒ අනුව, මෙම ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට දෙවෙනි ඉනිම සඳහා ලකුණු 56ක ඉලක්කයක් හිමි වූ අතර, ශ්රී ලංකා කන්ඩායම පන්දුවාර 07යි පන්දු 02ක් අවසානයේ කඩුළු කිසිවක් නොදැවී ලකුණු 56ක් ලබා ගනිමින් ශ්රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරඟය ජය ගැනීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.

