ගංජා වවන්න අනුමැතිය

අපනයන අවශ්‍යතා සඳහා ගංජා හෙවත් කංසා වගා කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින්.
මෙම තීරණය සම්බන්ධව තමන් ඉතා සතුටට පත්වන බවයි අමාත්‍යවරිය සඳහන්කර සිටියේ.
ඒ අනුව විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකරන බවයි අමාත්‍යවරිය සඳහන්කර සිටියේ.

