පාන් අලෙවියේ දී තරාදිය අනිවාර්ය කරයි

පාන් අලෙවියේ දී තරාදිය අනිවාර්ය කරයි

පාන් අලෙවියේ දී පැවතිය යුතු බර සඳහන් කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒවා අලෙවි නොකරන වෙළෙඳුන් සොයා ඊයේ (05) සිට වැටලීම් සිදු කිරීම ආරම්භ කළ බව එම අධිකාරිය පවසනවා

එම අධිකාරියේ වැටලීම් අංශයේ ප්‍රධානී සංජය ඉරසිංහ මහතා පැවසුවේ පාන් අලෙවි කරන සෑම වෙළෙඳසැලකම බර මැනිය හැකි පරිදි ප්‍රමිතියෙන් යුත් තරාදියක් තිබිය යුතු බවයි

එමෙන්ම අලෙවියට තබා ඇති පාන් ගෙඩියක තිබිය යුතු බර සහ අදාළ මිල ප්‍රදර්ශනය කර තිබිය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

COMMENTS