ICC ශ්‍රේණිගතකිරීම් අතර ප්‍රභාත් ජයසූරියට ලැබුණු තැන

ICC ශ්‍රේණිගතකිරීම් අතර ප්‍රභාත් ජයසූරියට ලැබුණු තැන

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු මීට පෙර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේයි රැදී සිටියේ.

නිමා වූ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් සමඟ නවතම ශ්‍රේණිගත කිරීම්වල 06 වැනි ස්ථානය දක්වා ඔහු ඉදිරියට පැමිණ තිබෙනවා.

ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ, තරගයේ වීරයේ බවට පත් වූයේ ද ප්‍රභාත් ජයසූරියයි.

COMMENTS