තෙල් මිලේ සුළු ඉහළ යාමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් ඊයේ දිනය තුල වාර්තා වුණා.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 63 මට්ටමේ පැවතුණා.
කෙසේ වෙතත්, මෙතෙක් වාර්තා වන්නේ ජනවාරි 26 වනදායින් පසු සටහන් වන අඩුම බොරතෙල් මිල මට්ටමයි.
මේ අතර, සෞදි අරාබිය දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 12 මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එය ගෝලීය තෙල් වෙළඳපොලට සැලකිය යුතු බලපෑමක් සිදුකරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

