පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන බලපත්‍ර

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයන් පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, දිවයින පුරා ශ්‍රවණාබාධිත පුද්ගලයින් 388,000ක ප්‍රමාණයක් සිටින බවත්, එයින් 39,000ක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින බව වාර්තා වෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කීරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මෙම නියමු ව්‍යාපෘතියක් ආරම්භ කීරීමට නියමිත වී ඇත්තේ 2022 වසරේ නොවැම්බර් මස 14 වනදා අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුවයි.

