වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයා සොයා විමර්ශන

වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයා සොයා විමර්ශන

වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයක් සොයා පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

මෙසේ විමර්ශන ආරම්භකර ඇත්තේ අරණායක දිසාරෝහලේ ‍රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරයක් සම්බන්ධවයි.

ඔහු මෙම වෛද්‍යවරිය සේවයේ නිරතව සිටියදී ඇගේ රහස් ප්‍රදේශය බලහත්කාරයෙන් අතගා තිබෙනවා.

ඒ අනුව එම වෛද්‍යවරිය කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත මේ පිළිබඳව දන්වා තිබෙනවා.

ලද පැමිණිල්ල මත අරණායක පොලීසිය මෙම විමර්ශන ආරම්භකර තිබෙනවා.