අද ප්‍රදේශ කිහිපයකට පැය 15 ක් ජලය නෑ

කොළඹ ප්‍රදේශ පහකට අද (10) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ පහේ ජල සැපයුම අද පස්වරු 5.00 සිට හෙට (11) පෙරවරු 8.00 දක්වා අත්හිටුවන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.

