විස්සයි විස්ස තරඟාවලියේ ජය ශ්රී ලංකාවට

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ ජය හිමිකරගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ ලකුණු 7කින්.
එහිදී ශ්රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 9කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.
බිනුර ප්රනාන්දු, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවාගත්තේය.
මෙහිදී විස්සයි වනිඳු හසරංග විස්ස තරග 63කට ක්රීඩා කරමින් තමන්ගේ 100 වන කඩුල්ල දවාගැනීම විශේෂත්වයකි.
මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස්කරගත්තේය.
ඒ අනුව ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 115ක් පමණි.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවති ටෙස්ට් තරගයේ ජයත්, එක්දින තරගාවලියේ ජයත් ශ්රී ලංකාව හිමිකරගැනීම විශේෂත්වයකි.

