ජල, විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන වැඩිවීමක්

ජල, විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන වැඩිවීමක්

මේ දිනවල විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම, ජනවාරි මස 23 වනදා වනවිට 50%ක පමණ පැවති ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි ජනනය කිරීම මේ වනවිට 30%ත් 35%ත් අතර මට්ටමක් දක්වා පහත වැටී ඇති බව විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සම ලේකම් නන්දන උදය කුමාර ප්‍රකාශ කළා.

මේ අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සන්නිවේදන කළමනාකරු සරත්චන්ද්‍ර මුතුබණ්ඩා කියා සිටියේ.

COMMENTS