දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පුටුවට

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර ඒ අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් දේශබන්දු තෙන්නකෝන් ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ ස්ථීර කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි අනුමැතිය අද හිමිවුණා.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දුන් මාස 03 ධූර කාලය බදාදා (28) රාත්‍රී 12 ට නිමාවීමට නියමිතව තිබුණා.

