බිත්තර මිල ඉහළ දැමීමේ ජාවාරමක්

වෙළෙඳපොළේ බිත්තරයක මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහා ඉදිරි උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.
බිත්තර මිල පාලනය කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදිි මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.
උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළඳපොලේ තවදුරටත් බිත්තර මිල ඉහළ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.
මේ වනවිට බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55 ත් 60 ත් අතර මිලකටයි.
කෙසේ වෙතත් මේ සතිය තුළ බිත්තර මිල අඩු කරන ලෙස බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්වලට දැනුම්දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියා.
එලෙස පහත නොදමන්නේ නම් පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවයි බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ පැවැත්වෙන ඇග්‍රිටෙක් – 2024 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය පෙරේදා (04) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

