ශ්රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක්

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර අද (06) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස් කළා.
එහිදී කවිඳු මෙන්ඩිස් පන්දු 27කදී ලකුණු 37ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 22කදී ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.
චරිත් අසලංක ලකුණු 28ක් ලබා තිබියදී දැවී ගිය අතර සධීර සමරවික්රම ලකුණු 7කට දැවී ගියා.
එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී Taskin Ahmed, Mahedi Hasan, Mustafizur Rahman, Soumya Sarkar කඩුල්ල බැගින් දවා ගත්තා.
ඒ අනුව පිළිතුරු ඉණිම ක්රීඩා කිරීමට පිටියට පිවිසෙන බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 166ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.
තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එකට බින්දුවක් ලෙස මේ වනවිට ඉදිරියෙන් පසුවන්නේ ශ්රී ලංකාවයි.
අද තරඟයටත් තරග තහනමකට ලක්වූ වනිදු හසරංග ක්රීඩා නොකරන අතර, ශ්රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි.

