තමන්ගෙ ඡායාරූපය දාලා මුද්දරයක් ගහන්න අවස්ථාව

තමන්ගෙ ඡායාරූපය දාලා මුද්දරයක් ගහන්න අවස්ථාව

තම ඡායාරූප සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ හැකියාව මෙරට ජනතාවට ලබා දී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා.

මෙහිදී රුපියල් දෙදහසකට මුද්දර 20 ක් ලබා දෙන අතර තැපැල් කටයුතු සඳහා එය භාවිතා කළ හැකි බවයි කොළඹ ඊයේ (06) පැවති උත්සවයකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

තැපැල්පති රුවන් සත්කුමාර තවදුරටත් සදහන් කළේ,

” තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න පුළුවන්. දැන් අපි අය කරන්නේ රු. 2,000 යි. මුද්දර 20 ක sheet එකක් දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන්දිනයට, තමන්ගේ දුවගේ පුතාගේ විවාහ ඇරයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තියෙන මුද්දරයක් ඇතුව යවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්න පුළුවන්.” යනුවෙන්