සේවක අර්ථසාධක අරමුදලෙන් විශේෂ දැනුම්දීමක්

2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ සේවායෝජකයින් වෙත තැපැල් කර තිබෙනවා.
ඒ බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙසයි සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ.

