හූති ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි 21 දෙනෙකු බේරා ගැනේ

හූති ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි 21 දෙනෙකු බේරා ගැනේ

ඉන්දීය නාවික හමුදාව විසින් හූති මිසයිල ප්‍රහාරයකට ලක් වූ වෙළඳ නෞකාවේ සිටි 21 දෙනෙකු බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඒ අතර සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

හූති ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි ලාංකිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

විදෙස් මාධ්‍යවලට අනුව ප්‍රහාරයට ලක්වූ නෞකාවේ ශ්‍රී ලාංකික ආරක්ෂකයින් දෙදෙනෙකු, නේපාල ආරක්ෂකයෙක් සහ කාර්ය මණ්ඩලයේ විසි දෙනෙක් පමණ සිට තිබුණි.

කාර්ය මණ්ඩලය අතර පිලිපීන ජාතිකයින් 15 දෙනෙක්, වියට්නාම ජාතිකයින් සිවුදෙනෙක් සහ ඉන්දියානුවෙක් අයත්.

ප්‍රහාරයෙන් පසු නෞකාවේ ගින්නක් හටගෙන ඇති අතර පිරිස නෞකාව අත්හැර දමා තිබේ.

අමෙරිකානු වාර්තාවල අනුව තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව දැක්වෙයි.

හූති ප්‍රහාරයෙන් නෞකාවේ ගමන් කළ පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

මියගිය පිරිසෙන් දෙදෙනෙකු පිලිපීන ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා වියට්නාම ජාතිකයෙක්.

මේ අතර හූති කැරලිකරුවන් එල්ලකළ මිසයිල ප්‍රහාර හමුවේ නෞකාවේ තුවාල ලැබූ සහ නිරුපද්‍රිතව සිටි පුද්ගලයින් 21 දෙනෙකු මුදාගෙන තිබේ.

ඉන්දීය නාවික හමුදාව විසින් එම පිරිස මුදාගෙන තිබේ.

INS කොල්කටා නෞකාව, හෙලිකොප්ටර් යානා සහ බෝට්ටු යොදාගනිමින් එම පිරිස මුදාගත් බව ඉන්දීය නාවික හමුදාව මේ බව සඳහන් කළේය.

යේමනයේ ඒඩ්න් වරායට ඔබ්බෙන් ඒඩ්න් බොක්කේ යාත්‍රා කරමින් පැවති වාණිජ නෞකාවකට යේමනයේ හූති කැරලිකරුවන් ඊයේ රාත්‍රියේ මිසයිල ප්‍රහාර එල්ල කළේය.

වානේ නිෂ්පාදන සහ ට්‍රක් රථ ප්‍රවාහනය කරන නෞකාව ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී චීනයේ ලියෑන්යුන්ගැන් වරායේ සිට සෞදියේ ජෙඩා වරාය බලා යාත්‍රා කරමින් පැවතියේය.

මෙලෙස හූති ප්‍රහාරයට ලක්ව තිබුණේ බාබඩෝස් ධජය යටතේ යාත්‍රා කරමින් පැවති ලයිබීරියාවේ ලියාපදිංචි කළ ග්‍රීක සමාගමක් මගින් මෙහෙයවන
“ටෘ කන්ෆිඩන්ස්” නම් වාණිජ නෞකාවය.

විදෙස් වාර්තාවලට අනුව නෞකාව මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඒඩ්න් නගරයේ සිට නාවුක සැතපුම් 50 ක පමණ දුරකදීය.

ඒ අනුව වාණිජ නෞකාවකට එල්ල වූ හූති ප්‍රහාරයකින් පුද්ගල මරණ වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් පවසන්නේ, ටෘ කන්ෆිඩන්ස් නෞකාව තම අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කළ බැවින් මෙලෙස ප්‍රහාරය එල්ල කළ බවය.

කෙසේ වෙතත්, නෞකාවේ සිටි පිරිස මුදාගැනීම ඉන්දීය නාවික හමුදාව පියවර ගත්තේය.

ඒ INS කොල්කටා නෞකාව, හෙලිකොප්ටර් යානා සහ බෝට්ටු යොදාගනිමිනි.

ඉන්දීය නාවික හමුදාව පවසන්නේ, හූති ප්‍රහාර හමුවේ තුවාල ලැබූ සහ නිරුපද්‍රිතව සිටි පුද්ගලයින් 21 දෙනෙකු මුදාගත් බවය.

පසුගිය නොවැම්බර් 19 වැනිදා සිට ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් රතු මුහුද හරහා ගමන් කරන වාණිජ නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටි.

ඒ ගාසාහි සිදුවන යුද්ධයේදී පලස්තීන වැසියන්ට සහාය දැක්වීමට බව පවසමිනි.

ගෙවුණු කාලය තුළ රතු මුහුද ආසන්නයේ යාත්‍රා ඉලක්ක කර එල්ල වූ හූති ප්‍රහාර ගණන 65 ඉක්මවයි.

එමෙන්ම දෙදිනක් තුළ ඔවුන් නෞකා නාශක බැලැස්ටික් මිසයිල භාවිත කළ පස්වැනි අවස්ථාව මෙයයි.

හූති ප්‍රහාරයට ලක්වූ බ්‍රිතාන්‍යයට අයත් පොහොර ප්‍රවාහනය කරන රූබිමා නෞකාව පසුගිය සති අන්තයේ දී මුහුදුබත් වූයේ හූති ප්‍රහාරවලින් මුහුදුබත් වූ පළමු නෞකාව බවට පත්වෙමිනි.

පවතින අවදානම හේතුවෙන් රතු මුහුදේ වාණිජ ප්‍රවාහන සීමා වී ඇති අතර ඒ අනුව සූවස් ඇළ භාවිත කරන නෞකා ගණන සියයට 42කින් පහත ගොස් තිබේ.

https://shorturl.at/bHZ03

COMMENTS