අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල බස්සයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල බස්සයි

ලංකා සතොස ආයතනය මගින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 125 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 935 ක් ලෙසයි.

එසේම කිලෝවක් රුපියල් 1190 ක් ලෙසින් පැවති වියලි මිරිස් රුපියල් 15 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 1175 ක්.

මීට අමතරව සුදු කැකුළු කිලෝවක මිලද රුපියල් 05 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 195 ක් ලෙසයි.

ලංකා සතොස සුදු සීනි කිලෝවක මිලද රුපියල් 03 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 272 ක්.