නව විදුලි සම්බන්ධතා වලට රජයෙන් සහනයක්

නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ධර්මසේන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට ඊයේ පාර්ලිමේන්තුවේදි පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර,
“පසුගිය කාලයේ අපි ප්‍රතිපත්ති තීන්දු 2ක් ගත්තා. පළමු කාරණාව ඉතාමත් සුළු විදුලි බිල් තියෙන නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව ඔවුන්ට යම් කාලයක් ලබාදෙන්න . ඒක පියවීම සඳහා. ඒ වගේම රුපියල් 3000ක පමණ තිබුණු නැවත සම්බන්ධතාවය ලබාදීමේ මුදල රුපියල් 1300ක් දක්වා අඩුකළා. ඊට අමතරව මේ අවුරුද්දේදී ඒක රුපියල් 800ක් දක්වා අඩුකරන්න අපි කටයුතු කරලා තියෙනවා. නව සම්බන්ධතාවයක් ලබාගැනීමේදී සම්පූර්ණ මුදල ගෙවන්නේ නැතුව රුපියල් 51000කියලා තමයි කියන්නේ, ඒක දැන් අඩුවෙලා තියෙනවා රුපියල් 35,000ත් 40,000ත් අතර මුදලකට ඒ මුදලින් සියයට 25ක් පමණක් ගෙවලා ඉතිරි කොටස් වාරික වශයෙන්, වාරික 10කින් හෝ 12කින් ගෙවන්න පහසුකමක් විදුලි බල මණ්ඩලයෙන් හඳුන්වාදෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට අනුමැතිය ලැබිලා තියෙනවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒක නිල වශයෙන් දැනුවත් කිරීම කරයි.” යනුවෙන්

