මානසික සෞඛ්‍යට බලපෑම් කරන අධික උණුසුම

මානසික සෞඛ්‍යට බලපෑම් කරන අධික උණුසුම

පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ලවන බව මනෝ වෛද්‍යවරුන් බවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර පවසන්නේ මේ දිනවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇති බවයි.

දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණය හේතුවෙන් මේ දිනවල ජනතාව කායිකව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම තත්ත්වය මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ල කරන අතර, එය විශාදය වැනි රෝග උත්සන්න වීමටද බලපාන බවයි.