ෂෙල් සමාගමේ පළමු ඉන්ධන නැව 19 වැනිදා කොළඹට

ෂෙල් සමාගමේ පළමු ඉන්ධන නැව 19 වැනිදා කොළඹට

මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් – ආර්එම් පාක්ස් සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිත බව එම සමාගම පවසයි.

ලොව ප්‍රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව ඉන්ධන පිරවුම්හල් 200 ක් ආරම්භ කිරීමට නියමිතය. එම ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ.

COMMENTS