දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය කිහිපයක්ම

දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය කිහිපයක්ම

දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාර අද 8 සිට10 වැනිදා දක්වා, අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.00ට කන්කසන්තුරය දක්වා ද, කන්කසන්තුරය සිට පස්වරු 4.30 ට අනුරාධපුර දක්වා ද ක්‍රියාත්මකයි.

උඩරට දුම්රිය මාර්ගය තුළ ධාවනය වන විශේෂ දුම්රිය ගමන් වාර වන්නේ,

● මාර්තු 8 – පෙ.ව. 7.30 කොළඹ කොටුව – බදුල්ල

● මාර්තු 10 – පෙ.ව. 7.45 බදුල්ල – කොළඹ කොටුව

● මාර්තු 7, 8 සහ 10 – පස්වරු 7.30 කොළඹ කොටුව – බදුල්ල

● මාර්තු 7, 8 සහ 10 – පස්වරු 5.20 බදුල්ල – කොළඹ කොටුව

COMMENTS