අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව සඳහන් කරමින්.
ඒ අනුව වයඹ, දකුණු හා උතුරු මැද සහ පළාත්වලත් මොණරාගල, රත්නපුර, මන්නාරම, වවුනියා මුලතිව් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇත.
ඒ හේතුවෙන් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අනිවාර්ය බව ය.

