ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් රට යැවීම නතර කිරීමට තීරණයක්

ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් රට යැවීම නතර කිරීමට තීරණයක්

ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශගත කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා

ඒ අනුව, එය ක්‍රියාත්මක කිරීම සදහා වන මාර්ග සිතියමද මේ වන විට සකස් කරමින් සිටින බවයි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ

එමෙන්ම විදේශ ගත කාන්තා ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, සුබසාධනය තහවුරු කිරීම සදහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා

ඉදිරියේදී පාර්ලිමේනතුවට ඉදිරිපත් කිරීමට නියමිත සේවා නියුක්ති පනත මගින්ද සේවයේ යෙදෙන කාන්තාවන්ගේ, සේවයේ යෙදවීමේ අයිතීන් ආරක්ෂා කරන අතරම ඔවුන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සදහාද විධිවිධාන රාශියක් හදුන්වාදීමට අපේක්ෂිතයි