කාන්තාවන් වෙනුවෙන් පනත් 2 ක්

කාන්තාවන් වෙනුවෙන් පනත් 2 ක්

කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේට (08) යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වන ජාතික සැමරුම් උත්සවයට කොළඹදී එක්වෙමින්.

මෙමගින් කාන්තා අයිතිවාසිකම් තවත් ඉහළ යනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කාන්තාවන් සඳහා ආයෝජනය කරන්න – ප්‍රගතිය වේගවත් කරන්න යන්න මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාවයි.

මේ අතර කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමය අනුවයි.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැළසීම පිණිස අදාළ ජාතික කොමිෂන් සභාව පිහිටුවන බවයි එම ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.

COMMENTS