සුව සේවක වර්ජනයක් අත ළඟ

සුව සේවක වර්ජනයක් අත ළඟ

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීමට බලධාරීන් අපහොසත් වන්නේ නම් මේ මස 19 වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගයට නැවත අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේෂ් පැවසීය.

මුදල් අමාත්‍යාංශය ටින් එකකින් එකතු කර බැරල් එකකින් බෙදාගන්නා බවත් ඒ හරහා මුදල් අමාත්‍යංශය ආර්ථික යුක්තියේ ප්‍රමාණය පිළිබඳ රටට ප්‍රදර්ශනය කර ඇති බවත් පැවසීය.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන සම්බන්ධ සිද්ධියට පොලිසිය අනවශ්‍ය මැදිහත්වීම් කරන බව කී කුමුදේෂ් නැවත වරක් එවැනි මැදිහත්වීමක් වුවහොත් ඒ මොහොතේ සිට රට පුරා වර්ජනයක් ආරම්භ කරන බව ද සඳහන් කළේය.

COMMENTS