මැරතන් තරඟයක් අතරතුර පාසල් සිසුවෙක් මරුට

අම්පාර – තිරුක්කෝවිල් ප්රදේශයේ පාසලක වාර්ෂික නිවාසාන්තර ක්රීඩා උළළේ මැරතන් තරඟය අතරතුර සිසුවෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අදාළ සිසුවා තිරුක්කෝවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරුක්කෝවිල් ප්රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙක්.

