ශ්‍රී ලංකා පිල සමඟ වලි දා ගත් බංග්ලාදේශ පිතිකරුට දඩ

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ටවුහිඩ් රිඩෝයි හට දඩ මුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙනි.
මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ තරග මුදලින් සියයට 15ක දඩ මුදලක් ඔහුගෙන් අයකරගැනීමටය.
තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුෂාර සිය පළමු පන්දුවාරයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත්විය.
එම කඩුලු ත්‍රිත්වයේ දෙවන කඩුල්ල ලෙස ටවුහිඩ් රිඩෝයි දැවී යාමෙන් අනතුරුව ඔහු විසින් අශෝභන ලෙස හැසිරෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

