2023 වසරේ මෝටර් රථ ලියාපදිංචියේ වැඩිවීමක්

2023 වසරේ මෝටර් රථ ලියාපදිංචියේ වැඩිවීමක්

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ රථවාහන ලියාපදිංචිය 23.3% කින් වැඩිවී තිබෙනවා.

මහ බැංකු වාර්තාවලට අනුව 2022 වසරේ වාහන 19,218 ක් ලියාපදිංචි වී ඇති අතර, 2023 වසරේ එම සංඛ්‍යාව 23,698 ක්.

එමෙන්ම යතුරුපැදි ලියාපදිංචියද ඉහළ ගොස් තිබෙනවා.

2022 වසරේ යතුරුපැදි ලියාපදිංචිය 8,363ක් වූ අතර, පසුගිය වසරේදී එය 16,869 ක් ලෙස ඉහළ ගියා.

එමෙන්ම පසුගිය වසරේ බස් රථ 636ක් ලියාපදිංචි කර තිබූ බව මහ බැංකුව සඳහන් කළේ.