අස්වැසුම දෙවන අදියරයේ ප්රතිලාභ ජූනි මාසයේ සිට

අස්වැසුම දෙවන අදියරේ ප්රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.
අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වනදා අවසන් වන අතර, ඒවා සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සහතික කිරීමෙන් පසු ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව ප්රතිලාභ ගෙවීම් සිදුකෙරෙන බවයි අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ.

