වියළි කාලගුණයෙන් ජල සැපයුම අවදානමක

වියළි කාලගුණය දිගින් දිගටම පැවතුනහොත් අඛන්ඩ ජල සැපයුම අවදානමක ලක්විය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
දැනට බරපතළ අර්බුදකාරී තත්ත්වයක් නොතිබුණද අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කිරීම අත්‍යවශ්‍ය බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කලුආරච්චි සඳහන් කළේ.
දැනට පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය අඩු වැඩිවෙමින් ඉදිරි මාස එකහමාරක කාලයක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ගෙවුණු පැය 24 ක කාලය තුළ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර, එය සෙල්සියස් අංශක 37.08ක් බවයි සදහන් වන්නේ.

