ගුරුවරුන් 2500ක් කඩිනමින් බඳවා ගැනේ

ගුරුවරුන් 2500ක් කඩිනමින් බඳවා ගැනේ

ඉංග්‍රීසි ගුරුවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුවේ දී පවසා තිබෙනවා.

හදිසි අවශ්‍යතාවය සලකා බලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්විය හැකි සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර තුනක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගැනීමටද ඒ අතර තුර විවෘත තරඟ විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගැනීමටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවටයි වාර්තා වන්නේ.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දෙන පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් 200,000ක් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසීම තම අරමුණු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

COMMENTS