කුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුව රිවස් කරයි

කුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුව රිවස් කරයි

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ සහ ඉඟු‍රු ආදි මෙරට වගා කරන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසර දීම මගින් දේශීය කුළුබඩු නිෂ්පාදකයින් අධෛර්මත්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේ.

එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු සන්නාම අතර පළමු ස්ථානයේ පසුවන මෙරට කුළුබඩු වල ප්‍රමිතිය සඳහා මෙමගින් ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි බැවින් අදාළ තීරණය අත්හිටුවා තිබෙනවා.

COMMENTS