ගම්මිරිස් වගාවට දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක්

ගම්මිරිස් වගාවට දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක්

ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එය දිවයිනේ ගම්මිරිස් වගා කෙරෙන සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන අතර, මේ වනවිට අක්කර 200ක පමණ ගම්මිරිස් වගා එමගින් මුළුමනින්ම විනාශ තිබෙනවා.

දැඩි උණුසුම් සහිත වියළි කාලගුණය නිසා මෙම රෝගය කඩිනමින් පැතිර යාමේ අවදානමක්ද මතු වී ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම රෝග තත්ත්වය පාලනය සඳහා රෝගය වැළඳුනු ගම්මිරිස් වැල් ගිනි තබා විනාශ කිරීම සිදුකළ හැකි අතර, අදාළ රසායනික ද්‍රව්‍ය ද භාවිතා කරන ලෙසයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

COMMENTS