ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර යළි ඇරඹෙයි

ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර යළි ඇරඹෙයි

ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සදහා වසා දමා තිබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පාසල් සහ මහජන දර්ශන අද (13) සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

මේ වසරේ පෙබරවාරි 27වැනිදා සිට මාර්තු 12වැනිදා දක්වා මෙම නඩත්තු කටයුතු හේතුවෙන් ග්‍රහලෝකාගාරයේ මහජනයා සදහා දර්ශන වාර අවලංගු කර තිබුණි.

යළි දර්ශන වාර ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.