පළමු තරඟයේ ජය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (13) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශය කඩුළු 06කින් ජය ලබා ගැනීමට සමත් වුණා.
තරගය පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ කළ අතර කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 44 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 257ක් රැස් කරගනිමින් තරගය ජයගනු ලැබුවා.
එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto පන්දු 129කදී ලකුණු 122ක් නොදැවී ලබා ගත් අතර Mushfiqur Rahim පන්දු 84කදි ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී දිල්ෂාන් මධුසංක කඩුලු දෙකක් ලබා ගත් අතර ප්‍රමෝද් මධුෂාන් සහ ළහිරු කුමාර අතර කඩුළු එක බැගින් බෙදී ගියා.
දෙරට අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලියෙන් තරග 1ට 0ක් ලෙස බංග්ලාදේශය පෙරමුණගෙන සිටිනවා.
මීළඟ තරගය ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

