උමාඔය වන්දි ගැන නැවත සොයා බැලීමට පියවර

උමාඔය වන්දි ගැන නැවත සොයා බැලීමට පියවර

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා විනාශ වූ නිවාස ඉඩම් හා වගාබිම් සදහා වන්දි ලබාදීමේදී තමන්ට ‍විශාල අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් අගතියට පත් පිරිසක් ඊයේ (13) බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාට ලිපියක් භාරදී තිබෙනවා.

ඊට බණ්ඩාරවෙල – දිගනතැන්න කො‍න්තහෙළ කිරිඔරුව ඇත්තලපිටිය මාතැටිල්ල ප්‍රදේශවල ගම්වැසියන් අයත් බවයි සඳහන් වන්නේ.

ඔවුන් චෝදනා කරන්නේ ඇතැමුන්ට මේ දක්වා කිසිම වන්දියක් ලැබී නැති අතර තන්සේරු නිලධාරින් විධිමත්ව කටයුතු කර නොමැති බවයි.

ජනතාවගේ මැසිවිලි සාධාරණ බව හැගී යන බැවින් මේ වන්දි කටයුතු සිදුකළ ආකාරය පිළිබදව මුලසිටම සොයා බැලීම සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම්වරියට භාරදුන් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී සඳහන් කළේ.

COMMENTS