මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමා කෙරේ

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ අද සිට දින 14ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.
ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටසේ මෙලෙස අලුත්වැඩියාව සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.
මේ හේතුවෙන් එම දින 14 තුළදී මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කරන රථවාහන කිලෝමීටර් 56.2 කණුවට පෙර ඇති මධ්‍ය හදිසි දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දක්වා දිවෙන දකුණු මංතීරුවෙන් ධාවනය කළ යුතු වනවා.
එසේම මෙම කාලසීමාව තුළදී කුරුණෑගල සිට මීරිගම දක්වා ගමන්කරන රථවාහන මෙලෙස අලුත්වැඩියාව සිදුකරන කොටසේ එක් මංතීරුවකට පමණක් රිය ධාවනය සීමා කරන බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

