වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ලබන වසරේ සිට ක්රමානුකූලව වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ තරුණයින් සමග පැවති සුවද හමුවකට එක් වෙමින්.
රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් නොමැතිව බලය ලබා ගැනීම වෙනුවෙන් දුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වූ බවත් ජනාධිපති එහිදී ප්රකාශ කළා.
ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් එම වරද කිරීමට සූදානම් නොමැති බවයි.
එසේම මෙම වසරේදීත් වාහන ආනයනය සිදු නොකර බවද ජනාධිපතිවරයා කියා සිටියා.

