ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

මෙරට තුළ මේ දිනවල අධික උණුසුම් කාලගුණයක් පවතිනවා.

එම කාළගුණ තත්ත්වය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනු ලබයි.

එමෙන්ම, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවයි.

තවද, පවතින වියලි කාලගුණය හේතුවෙන් ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතා කරන නිසා ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ තත්ත්වය මත විදුලිය ද අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.