වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොළේ දීයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

