මෙවර වෙසක් රාජ්‍ය උත්සවය මාතලේ

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙන කේන්ද්‍රකර ගනිමින් මැයි මස 21ක් වන දා සිට 27 වනදා දක්වා සතියක කාලයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී මෙම තීරණයට එළඹුනා.
වෙසක් සතිය තුළ දී තැපැල් මුද්දරයක් නිකුත් කිරීම ,කලල්පිටිය විහාර භූමිය පුජා භූමියක් බවට පත් කිරීම , බැති ගී සංදර්ශන, සංස්කෘතිකාංග සහ වෙසක් පෙරහැර පැවැත්විම ආදිය සිදු කිරීමටයි තීරණ කර ඇත්තේ.

