යාපනයේ සුපිරි පන්දුයවන්නාට දෝනිගෙන් ආරාධනාවක්

යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ 17 හැවිරිදි ක්‍රීඩක කුගදාස් මතුලාන් පාසල් තරගයකදී යොමු කළ විශිෂ්ඨ පන්දුවක් ඉකුත්දා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය විය.
ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මෙම ක්‍රීඩකයා යොමු කළ යෝකර් පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වදින අයුරු එහි සටහන්වී තිබුණි.
මෙම සුපිරි පන්දුව යොමු කළ එම පාසල් ක්‍රීඩකයා මහේන්ද්‍ර සිං ධෝනිගේ ආරාධනාවකට අනුව මේ වනවිට දැල තුළ පන්දුයැවීම සඳහා චෙන්නායි කණ්ඩායම සමග එක්වී ඇති බව වාර්තා වෙයි.
ඉදිරි දින කිහිපයේදී ඔහු Chepaukහි පන්දු යැවීමට ද බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

