ශ්‍රී ලංකාව එකට එක කරයි

ශ්‍රී ලංකාව එකට එක කරයි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරඟයේ ඊයේ (15) පැවති දෙවැනි තරගයේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 1-1ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

ලකුණු 287ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 01ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 287ක් ලබා ගත්තා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායමේ Soumya Sarkar පන්දු 66කදී ලකුණු 68ක්ද, නායක Najmul Hossain Shanto පන්දු 39කදී ලකුණු 40ක්ද, Mushfiqur Rahim පන්දු 28කදී ලකුණු 25ක්ද, Mehidy Hasan Miraz පන්දු 18කදී ලකුණු 12ක්ද, Tanzim Hasan Sakib පන්දු 33කදී ලකුණු 18ක්ද, ලබා ගැනීමට සමත් වුණා.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Towhid Hridoy පන්දු 102කදී නොදැවී ලකුණු 96ක් සහ Taskin Ahmed පන්දු 10කදී නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා.

එමෙන්ම, Litton Das සහ Mahmudullah ලකුණු කිසිවක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ Wanindu Hasaranga කඩුලු 04ක්ද, Dilshan Madushanka කඩුලු 02ක්ද, Pramod Madushan එක් කඩුල්ලක්ද දවාගත්තා.

අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ Pathum Nissanka අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113කදී ලකුණු 114ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සවියක් වීමට සමත් වූ අතර, Charith Asalanka පන්දු 93කදී ලකුණු 91ක් ලබා ගත්තා.

නායක Kusal Mendis පන්දු 13කදී ලකුණු 16ක්ද, Sadeera Samarawickrama එක් ලකුණක්ද, Janith Liyanage පන්දු 16කදී ලකුණු 09ක්ද, Wanindu Hasaranga පන්දු 16කදී ලකුණු 25ක්ද, Avishka Fernando කිසිඳු ලකුණක් නොලබාද දැවී ගියා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ Shoriful Islam සහ Taskin Ahmed කඩුලු 02 බැගින්ද, Tanzim Hasan Sakib, Mehidy Hasan Miraz සහ Taijul Islam එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.