ග්‍රාමසේවක නිලධාරීන් 2002කට අප්‍රේල් මාසය අවසන් වීමට පෙර නව පත්වීම්

ග්‍රාමසේවක නිලධාරීන් 2002කට අප්‍රේල් මාසය අවසන් වීමට පෙර නව පත්වීම්

එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ග්‍රාමසේවක නිලධාරීන් 2002කට නව පත්වීම් ලබා දී ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා

ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩ පිළිවෙල ඔස්සේ තවත් වසර දෙකක් හෝ ඉදිරියට ගමන් කිරීමට හැකි වුවහොත් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින් සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.