රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න

රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න

සංවර්ධන කටයුතු සදහා රජය ලබාදෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හමුවේ ප්‍රකාශ කළා.

අස්වැසුම සදහා රුපියල් බිලියන 183 ක් වෙන් කර ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලේකම්වරුන් අතර හමුව පැවැත්වුණේ පදනම් ආයතනයේ දී. අස්වැසුම, උරුමය, කෘෂි නවීකරණ වැඩසටහන හා කදුරට දශකය වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායක වන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියා. සවිමත් අනාගතයකට පෙරවදනක් 2024 යන තේමාව යටතේ මෙය සංවිධාන කර තිබුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම උසස් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා.

COMMENTS